Dr. Malini Fonseka

Dr. Malini Fonseka

Senior film actress/producer and former member of Sri Lankan Parliament

“My congratulations to the SLK Foundation for continuing the mission of supporting kidney patients through many activities”

The SLK Foundation, an association of Sri Lankans in United Kingdom of which I am a patron of, is doing a great service to Sri Lankan kidney patients through the Samastha Lanka Kidney Patients’ Association. The SLK Foundation of England conducts and organises a concert annually called Dayada to raise money and awareness. My congratulations to the SLK Foundation for continuing the mission of kidney patients through such activities. You too can support the SLK Foundation in England for the care of Sri Lankan kidney patients.

 

එකසත් රාජධාණියේ ශ්‍රී ලාංකික එකමුතුව කගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන SLKF සංගමයට අනුබද්ධිත සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ අනුශාසක වරියක් ලෙසින් කටයුතු කිරීමට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයක් ලෙස සලකමි. මා එසේ පැවසීමට හේතු කාරණා වනුයේ එම සංගමය සමග වසර ගනනාවක් කටයුතු සිදුකොට ලත් අත්දැකීම් සමූහය නිසාවෙනි. 

වසරක් පාසා  ” දායාද “.  යන මැයෙන් සංගීත ප්‍රසංග පවත්වා , මාසිකව ආධාර කිරීමෙන් හා සමාජ සත්කාර සිදුකරමින් සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට මුදල් පරිත්‍යාග කරන අතර මීට දෙවසරකට ඉහතදී එම ප්‍රසංගයට මා හටද සහභාගි වීමට අවකාශය ලැබුනු අතර එය ජීවිතයේ අමතක නොවන මතක සටහනකි. එසේ උපයාගන්නා මුදල් බොහෝ දුක් කම් කටොලු මැදින් එක් දිනක් හෝ ජීවත් වීමට ප්‍රයත්න දරන අසරණ රෝගීන්ගේ රුධිර කාන්දුපේරණය සදහා යොමු කරනු ලබන බව ප්‍රකාශ කලයුතු ම කරුණකි. 

එකසත් රාජධාණියේ SLKF සමාජ සත්කාරක පදනමට ඔබත් නන් අයුරින් ආධාර උපකාර කොට තවත් අසරණ රෝගියෙකුගේ ජීවිතයක් මොහොතක් නමුදු බේරාගැන්මට ශක්තිය ධෛර්‍ය ලැබේවායි එක සිතින් පතන අතරම SLKF සංගමයට චිරාත් කාලයක් අසරණ රෝගීනට සරණක් වන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි……