Nuwan Sameera

Nuwan Sameera

Kidney patient

About 3 years ago, I started having hemodialysis and now, I must have hemodialysis  twice a week. One treatment we must do is at our own expense which is very costly. After becoming a member of the Samastha Lanka Kidney patient’s Association, I was able to get additional hemodialysis  which provided me great relief. However, there are many kidney patients in Sri Lanka like me who needs help. By Supporting SLK Foundation you are not only providing great relief and strength but also saving a number of vulnerable lives.

 

නුවන් සමීර වන මා දැනට වසර තුනක කාලයක සිට රුධිර කාන්දුපේරණ සිදු කරනු ලබන රෝගියෙකු වන අතර එය සතියකට දෙවරක් සිදු කරගතයුතු බව වෛද්‍ය නිගමනය වේ. ඒ අතර එක් ප්‍රතිකාරයක් ⁣⁣පෞද්ගලික වියදමින් සිදු කරගතයුතු වේ. තත්ත්වය එසේ පවතින විට පූර්ව කුසලයකට මෙන් සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබීමට මා ද පිං කොට තිබුනි. එම සංගමය මගින් පෞද්ගලිකව සිදු කරගතයුතු රුධිර කාන්දුපේරණය ලබා දීම අප ජීවිතයට මහත් අස්වැසිල්ලකි. 

ශ්‍රී ලංකාව දෙස බලනවිට මා වැනි වකුගඩු රෝගයෙන් පීඩිත අසරණ රෝගීන් විශාල පිරිසක් දිවිගෙවන අතර එය කව්රුත් දන්නා රහසකි. එවන් අසරණ රෝගීනට පිලිසරණක් වන්නට එක්සත් රාජධාණියේ SLKF සංගමය විශාල පිටිවහලක් සපයනු ලබයි. එම සංගමය වාර්ෂිකව සංගීත ප්‍රසංග පැවැත්වීමෙන්, මාස්පතා ආධාර කිරීමෙන් හා සමාජ සේවා සිදු කිරීමෙන් උපයාගන්නා මුදල සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට පරිත්‍යාග කරනු ලබ යි. 

මෙම සත්ගුණවත් ක්‍රියාවලිය ඔස්සේ විශාල වකුගඩු රෝගීන් පිරිසකට සහනය සැලසෙන අතර ඔබටත් හැකි අයුරින් ආධාර උපකාර සිදුකොට ජීවිතය අයැද සිටින්නවුනට හුස්ම පොදක් ලබාදෙන්නට හැකිනම් එය මහගු පුණ්‍යකර්මයකි. මේ අසරණ රෝගීන් ඔබෙන් අයැද සිටිනුයේ මුදල් නොව ඔවුනට ජීවත් වීමට ඇති කාලයයි….