“Advising to this organisation gives me great pride to watch the humane services rendered by SLKF to the poor and needy people of Sri Lanka”
I am Buddhist monk from the sacred Mahiyangana Raja Maha Temple, one of the most venerated Buddhist Stupas of Sri Lanka enshrined with Buddha’s hair relics, situated in Mahiyangana in the Uva Province of Sri Lanka.
A large proportion of people in this region are farmers engaged in paddy cultivation and quite a number face many hardships and difficulties and hence live a very simple lifestyle.
As a result, the villagers come to the temple not just as a place of worship but to meet the monks to get help and guidance to their problems. As a monk I have therefore a good understanding what villagers go through. To address some of these issues and to try and alleviate poverty, under the leadership and guidance of the of the Head priest, Mahiyangana Raja Maha Temple floated a programme to offer economic stability, uplift standards of living and quality of life of people and started reaching out to families in remote villages of Mahiyangana, Pollonaruwa, Ampara etc.
Whilst engaging in these activities, I happened to come to the UK, but was constantly exploring how I can help the underprivileged people in Mother Lanka. Within less than a year of coming to the UK, I came across SLKF, UK a charitable organization that has been reaching out primarily to those suffering with Kidney diseases. This was therefore a timely opportunity to exploit my experience, skills and contacts in Sri Lanka and with no hesitation I joined forces with SLKF to venture a number of projects to help deserving people and families in Sri Lanka.
To mention a few these were:
- Building a house for a poor family
- Offering monetary help to 5 families with kidney diseases
- House to house distribution of essential food and other essential household items during the Covid-19 pandemic
- Distribution of school books to children from families of disadvantaged backgrounds
- Distribution of morning and evening meals to patients for a period of 18 days in Kandy, Mahiyangana, and Dehiathakandiya hospitals
It gives me great pride to watch the humane services rendered by SLKF to the poor and needy people of Sri Lanka. I hope SLKF will be able to continue this meritorious service to the motherland for a longtime and I hope SLKF will grow from strength to strength. I wish SLKF longevity and success in all future ventures. May the Triple Gem Bless you all and protect you.
සම්බුද්ධ පාදස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් ඵෙතිහාසික මහියංගන රාජමහාවිහාරයේ කලක් තේවා කටයුතු සිදු කල ස්වාමින්වහන්සේ නමක් ලෙසින් හා එම පළාත්වල ජනී ජනයා සමග උරෙන් උර ගැටෙමින් ජාතික ආගමික කටයුතු සිදුකල නිසාවෙන් ඔවුන් මුහුණ දෙන උග්ර ගැටලු පිලිබදව මනා වූ අවබෝධයක් මා හට තිබේ.
මෙම ප්රදේශයන් තුල බොහෝමයක් දෙනා කෘෂිකර්මාන්තය ජීවිකාව කොටගෙන දිවි ගෙවන අතර ඒ අතරින් රටට බත සපයාදුන් ගොවි මහතුන්ගේ සැදෑ සමය ගතවන්නේ සෝචනීය ලෙසින් වීම කදුලු කතාවකි.
ගමෙන් පංසලට සංකල්පය වෙනස්කොට ගනිමින් පංසලෙන් ගමට යන සංකල්පය මුදුන් පමුනුවා ගැන්මට මහියංගන රාජමහාවිහාරාධිපති
නායක ස්වාමින්වහන්සේ පෙරටු කොටගනිමින් ගම් දනව් සිසාරා මහියංගන,පොලොන්නරුව,අම්පාර ආදී ගම් නියම්ගම් පසුකරලමින් දුශ්කර ගම්මාන වලට වැඩම කරමින් ඔව්න්ගේ ජීවිතවලට ගුණධර්ම හා සාරධර්ම එක් කර ගැන්මට සවියක් වෙමින් ආර්ථික මට්ටම ගොඩනැගීමට සවියක් වූ බව නොරහසකි.
කාලයාගේ ඇවෑමෙන් එක්සත් රාජධානියට වැඩම කරන මා හට SLkF සංවිධානය සමග අත්වැල් බැදගැනීමට ලැබෙනුයේ සසරේ කරන ලද මහා කුසලයක ආනුභාවයෙනි.වසරකටත් අඩු කලක් ඇතුලත දී
* අසරණ පව්ලකට නිවසක් තනාදීම
* වකුගඩු රෝගී පව්ල් 5ක් සදහා මාස් පතා ජීවනාධාර ලබාදීම
* කෝවිඩ් වසංගත කාලවකවානුවේ ආධාර ලබාදීම
* ආර්ථික දුශ්කරතා ඇති දුවා දරුවනට පොත් පත් ලබාදීම
* මහනුවර,මහියංගන,දෙහිඅත්තකන්ඩිය රෝහල්වල දින 18ක් පුරා උදෑසන සවස ආහාර ලබාදීම
ඒ අතරින් කිහිපයකි.
මාතෘ භූමියට ආලය ඇති,මිනිසාගේ දුක කදුල හදුනන දුක් විදින ජනතාවට සෙතක් සලසන්නට SLKF සිදුකරන අමිළ මෙහෙය අනභිබවනීය වේ.ඔබ ආයතනයට තවත් බොහෝකාලයක් ලක් මවට සේවය කිරීමට ශක්තිය ලැබේවායි ප්රාර්ථනා කරමි.